කඳූ පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳූ මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳූරු ලියේ
මිටියාවත් කඳූ ශිකර සිසාරා
සඳ බැසයන තුරු අවර වන පෙතේ
ඔබ කියු රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
ඇළ දොළ ගංගා සයුර සිසාරා
ඉර නැග එනවිට පෙරෙඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
කඳූ පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳූ මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳූරු ලියේ......
Saturday, April 9, 2011
Saturday, April 2, 2011
එකම සිතයි
Friday, April 1, 2011
Subscribe to:
Posts (Atom)
