Saturday, April 9, 2011

කඳූ පාමුල සිට

 කඳූ පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳූ මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳූරු ලියේ

මිටියාවත් කඳූ ශිකර සිසාරා
සඳ බැසයන තුරු අවර වන පෙතේ
ඔබ කියු රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

ඇළ දොළ ගංගා සයුර සිසාරා
ඉර නැග එනවිට පෙරෙඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳූ පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳූ මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳූරු ලියේ......

Saturday, April 2, 2011

එකම සිතයි

එකම සිතයි
එකම හදයි
නැත දෙහදක්
තනිවන්නට සිත් අරනේ.....

කෙලෙස කියන්නද
කෙලෙස සිතනද නැත මට වැට හෙන්නේ........

නුබේ සෙනෙහෙ රැදි
මගේ හදවතේ
 තනි වෙන්නේ කෙලෙසද මං

Friday, April 1, 2011

ඇත්තටම

වෙනත් නමක්
වෙනත් සිතක්
කෙලෙස කියන්නද
නුඹ නම්........
ඇත්තටම ඇයයි කියා...

Wednesday, March 30, 2011

පෙරදා මැවු සිනා..........

පෙරදා මැවු සිනා...
සැගවි කොහෙගිය දො...
ඔබලගින් උන්නු කලෙ
සුන්දරයි ජීවිතේ..........

Tuesday, March 29, 2011

ඈත දුරක දෑස පාවෙලා

ඈත දුරක දෑස පාවෙලා...........
ගොළු වීලා.....
ඔහේ තනි වෙමු....
පාළු ලොවක......
ඈත දුරක දෑස පාවෙලා........